
ඉහළ යන කුලී නිවාස හේතුවෙන් බොහෝ පිරිසකට හවුල්කාරිත්වයෙන් නිවාස තුළ ජීවත්වීමට සිදුව ඇතැයි සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
කුලී නිවැසියන්ගෙන් සියයට 57 ක් කුලී ගෙවීම් පියවා ගැනීමට වෙහෙසෙන බවයි ඉන් අනාවරණය වී ඇත්තේ.
පුද්ගලයින් 8700 කට අධික සංඛ්‍යාවකගෙන් සිදුකළ සමීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ සියයට 43 ක් හවුල් නවාතැන් සඳහා යොමුවී ඇති බවයි.

Little Real Estate හි විධායක සාමාන්‍යාධිකාරීවරිය පවසන්නේ හොඳ ආදායමක් උපයන පුද්ගලයින් පවා share houses සඳහා යොමුවීමේ ප්‍රවණතාවයක් පවතින බවයි.
ජීවන වියදම හා යම් මුදලක් ඉතිරි කිරීම වෙනුවෙන් එවැනි කැපකිරීම් සිදුකළ යුත් බවයි සාමාන්‍යාධිකාරීවරිය අවධාරණය කරන්නේ.
