Search

ඩට්න් පරාජය කර ආසනය දිනාගත් දිරිය කාන්තාව

විපක්ෂ නායක පීටර් ඩට්න්ගේ ආසනය පරාජය කළ කම්කරු පක්ෂයේ දැවැන්ත චරිතයක් පිළිබඳ මේ වනවිට කතාබහට ලක්වෙනවා.

පීටර් ඩට්න් පරාජය වූවා පමණක් නොව 2001 වසරේ සිට ඔහු දැරූ ආසනයද ඔහුට අහිමිවුණා.

හිටපු මාධ්‍යවේදිනියක සහ ලෝක ශූර පැරා ක්‍රීඩිකාවක වන Ali France ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළේ ඩට්න්ගේ ආසනය දිනා ගනිමින්.

අරානා හිල්ස් ප්‍රාදේශීය හා ආබාධිත නීතීඥවරියක පැවසුවේ ෆ්‍රාරාන්ස් පවුල මෙඩිකෙයා සහ ආබාධිත සහායේ වැදගත්කම අත්විඳ ඇති බවයි.

2011 වසරේ ප්‍රංශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් Ali France ගේ පාදය අහිමිවී ඇගේ කුඩා දරුවාද මෙම අනතුරට මුහුණ දුන්නා.

වයෝවෘද්ධ රියදුරෙකු සාප්පු මධ්‍යස්ථානයක ඉදිරිපිට මෝටර් රථය රිවස් කිරීම වෙනුවට accelerate කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගිය වසරේ මුල් භාගයේදී ලියුකේමියා රෝගයෙන් ප්‍රංශයේදී ඇගේ 19 හැවිරිදි වැඩිමහල් පුත්‍රයාද අහිමි වී තිබෙනවා.

එමෙන්ම ඇගේ හිටපු සහකරුද පිළිකාවකින් ජීවිතක්ෂයට පත්වුණා.

ඇයගේ පක්ෂ සහයකයින් පවසන්නනේ single parent කෙනෙක් ලෙස ඉහළ යන බිල්පත්වල පීඩනය කෙතරම් දුෂ්කරද යන්න ඇයට දැනෙනු ඇති බවයි.

මේ අතර ඇය වෙනුවෙන් ඡන්දය භාවිත කළ ඩික්සන් වැසියන්ට සිය ස්තූතිය පළකර සිටියා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »