
ඔස්ට්‍රේලියානු පාරිභෝගික මිල දර්ශකය (CPI) මෙම කාර්තුවේදී 0.9% කින් ඉහළ ගොස් ඇතැයි ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) මඟින් නිකුත් කල නවතම වාර්තාවක දැක්වෙනවා. 2025 මාර්තු කාර්තුව දක්වා මාස දොළහ තුළ, CPI 2.4% කින් ඉහළ ගොස් ඇති බව සඳහන්. මෙම කාර්තුවේදී වඩාත්ම සැලකිය යුතු මිල ඉහළ යාම සිදු වී ඇත්තේ නිවාස (+1.7%), අධ්‍යාපනය (+5.2%) සහ ආහාර සහ මධ්‍යසාර නොවන පාන වර්ග (+1.2%) යන කාණ්ඩයන්හි සඳහායි. විනෝදාස්වාදය සහ සංස්කෘතිය (-1.6%) සහ ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ සේවා (-0.9%) යන කාණ්ඩයන්හි මිල පහළ අගයන් ගැනීම සුවිශේෂී වෙනවා. වාර්ෂික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු කාර්තුවේදී උද්ධමනය සියයට 2.4 ක් වූ අතර එය දෙසැම්බර් කාර්තුවට සාපේක්ෂව පැහැදිලි බලපෑමක් සිදුකර නැහැ.