
oral sex සහ බෙල්ලේ පිළිකා රෝගීන් වැඩිවීම අතර සම්බන්ධතාවයක් පවතින බව විශේෂඥයින් අනතුරු අඟවනවා.
විශේෂයෙන් oropharyngeal පිළිකා එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ මේ වනවිට ගැබ්ගෙල පිළිකා රෝගය ඉක්මවා පවතින බවයි වාර්තා වන්නේ.
මෙම භයානක ප්‍රවනතාවය බොහෝදුරට HPV වෛරසයට ආරෝපනය කර ඇති අතර එය බොහෝවිට ලිංගිකත්වය හේතුවෙන් ඇතිවන ඉන්නන් සම්බන්ධයෙන් වන වෛරසයක් වනවා.

නමුත් දැන් බෙල්ලේ පිළිකා ඇතිවීමට ද මෙම වෛරසය සැලකිය යුතු හේතුවක් වී ඇති බවයි විශේෂඥයින් පවසන්නේ.
Birmingham විශ්ව විද්‍යාලයේ ප්‍රමුඛ පෙළේ විශේෂඥයෙකු වන ආචාර්ය Hisham Mehanna කියාසිටියේ මෑත දශක කිහිපය තුළ ලිංගිකත්ව හැසිරීම් මෙම HPV හා සම්බන්ධ පිළිකා වල ඉහළයාමට හේතුවී ඇති බවයි.

oral sex හවුල්කරුවන් හය දෙනෙකු හෝ ඊට වැඩි ගණනක් ඇති අයට මෙම පිළිකා තත්වය ඇතිවීමේ සම්භාවිතාව 8 ගුණයකින් වැඩි බවයි විශේෂඥවරයා වැඩිදුරටත් සඳහන්කළේ.
මේ අතර බොහෝ මිනිසුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ස්වභාවය මත HPV ආසාදනය සිදුවන බවද ඔහු කියාසිටියා.