
2025 ෆෙඩරල් මැතිවරණයේ ජය නැවතත් ලේබර් පක්ෂයේ ඇන්තනී ඇල්බනීස්ට හිමිව තිබෙනවා.
ලේබර් පක්ෂයේ ජයග්‍රහණය ප්‍රකාශ කිරීමත් සමග රට පුරා ඇල්බනීස්ගේ පක්ෂ ක්‍රියාකරුවන් ප්‍රීති ඝෝෂා නගා ඇති බවයි වාර්තා වන්නේ.
පක්ෂ දෙකේ නායකයින් මාධ්‍ය ඔස්සේ ඡන්දය ලබාදීම වෙනුවෙන් ජනතාවට සිය ස්තුතිය පළකළා.

මේ අතර පීටර් ඩට්න්ට අගමැති වීමේ අවස්ථාව පමණක් නොව ඔහුගේ ඩික්සන් ආසනය ද අහිමි වී තිබෙනවා.
කෙසේවෙතත් මෙය සන්ධාන විපක්ෂයේ ආධාරකරුවන්ට නම් හොඳ ආරංචියක් නොවනු ඇති.

ලේබර් පක්ෂය පසුගිය ෆෙඩරල් මැතිවරණයෙන් ආසන 77 ක් දිනා ගත්තද මෙවර එය වාර්තාගතමය ලෙස මේ වනවිට ආසන 83 ක ජයග්‍රහණයක් අත්කර ගෙන තිබුණා.
ග්‍රීන්ස් මෙවර මේ වනවිට දිනාගෙන ඇති ආසන ගණන 1 ක් පමණයි.
පසුගිය ෆෙඩරල් මැතිවරණයේ සන්ධානය ලබාගත් ආසන සංඛ්‍යාව 58 ක් වන අතර මේ වනවිට එය ආසන 31 ක් දක්වා අඩු වී තිබෙනවා.
මේ අතර ඔස්ට්‍රේලියාවේ පළමු ලාංකික ෆෙඩරල් මන්ත්‍රීවරිය ලෙස කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු නැවතත් ඉහළින්ම පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා.