
ඇන්තනී ඇල්බනීස් නැවත අගමැති ධුරයට පත්කරමින් අද පැවති ෆෙඩරල් මැතිවරණයේ ජය ලේබර් පක්ෂයට හිමිව තිබෙනවා.
මෙතෙක් සිදුකර ඇති ගණනයය කිරීමෙන් ලෙබර් පක්ෂය දෙසට වැඩි ප්‍රවාණතාවයක් දක්නට ලැබෙනවා
කෙසේවෙතත් පූර්ව ඡන්ද විමසීම් තවමත් ගණනය කර නොමැති බවයි වාර්තා වන්නේ.

එබැවින් විපක්ෂ සන්ධානය ජයග්‍රහණය කිරීමේ ඉඩක් නොමැති අතර ලේබර් එකම විකල්ප රජය බවට පත්ව තිබෙනවා.
කෙසේවෙතත් ආණ්ඩුව බහුතරය රැක ගැනීමේ මාවත තවමත් තහවුරු කර නැහැ.

2004 දී ජෝන් හොවාර්ඩ්ගෙන් පසු පිට පිට මැතිවරණ ජයගත් පළමු අගාමාත්‍යවරයා බවට ඇන්තනි ඇල්බනීස් පත්ව තිබෙනවා.