
දකුණු ඕස්ට්‍රේලියාවේ වසරකට වැඩි කාලයක් පුරා ලොතරැයි අලෙවි කිරීමේ නීති විරෝධී ව්‍යාපරයක් පවත්වා ගෙන යෑම ගැන චෝදනා ලැබ සිටින ඉහළ පෙළේ ඕස්ට්‍රේලියානු බිලියනපතියෙකුට නඩු පවරා තිබෙනවා.
36 හැවිරිදි Adrian Portelli, සහ ඔහුගේ Xclusive Tech Pty Ltd සමාගමට එරෙහිව මෙම චෝදනා ගොනු කර ඇත්තේ ‘South Australia’s Consumer and Business Services’ ආයතනයයි.
ඒ අනුව නීති විරෝධී ලොතරැයි 10 පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් චෝදනා 10 ක් එල්ල වී තිබෙනවා.

2023 ජනවාරි 29 දා සිට, 2024 මැයි 16 දින දක්වා කාලය තුළ මෙම නීති විරෝධී ලොතරැයි ක්‍රියාකාරකම් සිදු කර තිබෙනවා.
අධිකරණ ලේඛනවලින් හෙළි වන්නේ 2019 ලොතරැයි පනත යටතේ දකුණු ඕස්ට්‍රේලියානු පදිංචිකරුවන්ට ප්‍රාන්තය තුළ විවෘත ලොතරැයියක් ක්‍රියාත්මක කිරීමට බලපත්‍රයක් අවශ්‍ය බවයි.

කෙසේ නමුත් 2024 දී චෝදනා එල්ල වී පැය කිහිපයක් ඇතුළත Portelli ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කර තිබුණේ “කමක් නැහැ SA අපි තවමත් ඔබට ආදරෙයි” යනුවෙනි.
මේ වන විට අධිකරණය මඟ හැර සිටින Portelli දැනට සිංගප්පූරුවේ සිටින බව තහවුරු වී තිබෙනවා.