Search

Albanese සහ Dutton ඡන්දය ප්‍රකාශ කරයි

ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ඔහුගේ මැතිවරණ කොට්ඨාශයේ වන Sydney හි දී ඡන්දය ප්‍රකාශ කළා.

මේ අතර Queensland, Brisbane හි දී විපක්ෂ නායක peter Dutton ද සිය ඡන්දය ප්‍රකාශ කර තිබුණා. ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටත පැමිණි Dutton මාධ්‍යවේදීන් අමතමින් පැවසුවේ තමා ජයග්‍රහණය ගැන විශ්වාසයෙන් සිටින බවයි.

ඕස්ට්‍රේලියාව පුරා ඡන්දය ප්‍රකාශ කිරීම දේශීය වේලාවෙන් සවස 6 ට අවසන් වෙනවා. ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉතිරිව ඇත්තේ පැයක කාලයක් .

මේ වන විටත් නැගෙනහිර ප්‍රාන්තවල ඡන්දය අවසන් වී ඇති අතර බටහිර ඕස්ට්‍රේලියාවේ ඡන්ද විමසීම් විවෘතව පවතිනවා.

පූර්ව ප්‍රකාශිත ඡන්ද සහ අද දින ප්‍රකාශ කරන ලද ඡන්ද සියල්ල අද සවස 6 සිට ගණන් කරනු ලබනවා.

පූර්ව ප්‍රකාශිත ඡන්ද එකතු කරන මධ්‍යස්ථාන විශාල වන බැවින් එම මධ්‍යස්ථාන වල ප්‍රතිපල ලැබීමට වැඩි කාලයක් ගත වන බැවින් එම ප්‍රතිඵල ‌රාත්‍රිය පසුවී අපේක්ෂා කළ හැකියි.

මේ අනුව පූර්ව ඡන්දය මධ්‍යස්ථානවල සංඛ්‍යා වාර්තා අනුව බොහෝ ආසනවල, ජයග්‍රහණය කළේ කවුරුන්ද යන්න පැවසීමට හැකිවනු ඇති බවත් මැතිවරණ විශ්ලේශකයන් පවසනවා.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »