Search

විදේශ ඡන්ද මධ්‍යස්ථාන 111 ක් පිහිටුවා ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවක්

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණය සඳහා ලොව පුරා සිටින ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 111 ක් විවෘත කර තිබුණා.

ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව පැවසුවේ රටවල් 83 තුළ විදේශීය ඡන්ද මධ්‍යස්ථාන 111 ක් පිහිටුවීම වාර්තාගත වැඩිම ප්‍රමාණය බවයි.

ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පවසන්නේ හැකි තරම් පිරිසකට රටින් පිටත සිට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සැලසීමට විශාල උත්සාහයක් ගෙන ඇති බවයි.

කොඩිඩ් 19 වසංගත තත්වයන් හමුවේ 2022 දී, විදේශීය මධ්‍යස්ථාන 19 ක පමණක් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව තිබුණු අතර ඕස්ට්‍රේලියානුවන් 39,000 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

2023 ජනමත විචාරණයේ දී විදේශීය මධ්‍යස්ථාන 107 ක දී ඡන්ද 62,000 ක් ප්‍රකාශ වුණා.

මේ අතර ඕස්ට්‍රේලියාවේ සමහර ඡන්දදායකයින්ට ඔවුන්ගේ තැපැල් ඡන්ද පත්‍රිකා අද දිනය වන විටත් ලැබී නොමැති බව වාර්තා වෙනවා.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »