Search

ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 0.6% ක් ශ්‍රී ලාංකිකයින්

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ජනගහනය පසුගිය වසරේ වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇතැයි සංඛ්‍යා ලේඛන කාර්යංශය පවසනවා.

එය 2024 ජූනි මාසය වනවිට 172,800 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි දත්තවල දැක්වෙන්නේ.

මෙම අගය 2023 ජූනි මාසයේ දී 158,300 ක් ලෙස වාර්තා වූ අතර පසුගිය වසරේ එය සියයට 9 ක වර්ධනයක් බව සංඛ්‍යා ලේඛන කාර්යංශය කියාසිටියා.

ඔස්ට්‍රේලියාවේ උපත ලැබූ ශ්‍රී ලාංකික මෙම කණ්ඩායම මේ වනවිට ඔස්ට්‍රේලියාවේ 10 වන විශාලතම විදේශයන් හි උපත ලැබූ ජනගහනය ලෙසයි ශ්‍රේණිගත කර ඇත්තේ.

එය 2023 වසරේ පැවතියේ 11 වන ස්ථානයේයි.

ශ්‍රී ලාංකික වැසියන් මැලේසියාව සහ යුරෝපීය සම්භවයක් ඇති කණාඩායම් කිහිපයකට වඩා ඉදිරියෙන් පසුවීමද කැපී පෙනනවා.

ඔස්ට්‍රේලියාවේ විශාලතම සංක්‍රමණික ජනගහනය වන්නේ එංගලන්තය, ඉන්දියාව, චීනය සහ නවසීලන්ත ජාතිකයින්.

ශ්‍රී ලංකාවේ උපන් ප්‍රජාව 2013 සිට සියයට 50 කට වඩා වැඩි වර්ධනයක් පෙන්වන අතර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික පදිංචිකරුවන් 110,000 කට වඩා වැඩි බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියාවේ මුළු ජනගහනයෙන් 0.6% ක් ශ්‍රී ලාංකිකයින් බව වාර්තාවේ දැක්වෙනවා.

මේ අතර වික්ටෝරියාවේ ශ්‍රී ලාංකික වැසියන් සියයට 52 ක් පමණ වාසය කරන අතර නිව් සවුත්වේල්ස් 24% ක් පමණ වාසය කරනවා.

මෙම ශ්‍රී ලාංකිකයින්ගේ මධ්‍යම වයස අවුරුදු 41 සිට 42 දක්වා වන අතර වාර්තාගත ලෙස පිරිමි පුද්ගලයින් 52% ක් සිටින  බවයි ඔස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන දත්තයන් හි දැක්වෙන්නේ.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »