
Spotlight හි අලෙවි කරන ලද ජනප්‍රිය ළමා hoodie අයිතමයක් නැවත කැඳවීමක් සිදුකර තිබෙනවා.
Spotlight හි විකුණන ලද The Easter Rabbit Hoodie පාරිභෝගික කොමිෂන් සභාව විසින් නැවත කැඳවු බවයි වාර්තා වන්නේ.
ඒ එම අයිතමයට අවශ්‍ය ගිනි උපද්‍රව ලේබලය නොමැති බැවින්.

ගිනි උපද්‍රව නොමැති කමින් තාපය හෝ ගින්දරකට නිරාවරණය වීමෙන් බරපතල පිළිස්සුම් හෝ තුවාල ඇතිවීමේ අවදානමක් ඇති විය හැකි බවයි කොමිසම පෙන්වාදෙන්නේ.
ප්‍රමාණය අවුරුදු 6-8 ලෙස ලේබල් කළ අළු සහ සුදු පැහැති Hoodies මෙම බලපෑමට ලක්ව ඇත්තේ.

2025 පෙබරවාරි 8 සිට අප්‍රේල් 14 දක්වා කාලය තුළ මෙම නිෂ්පාදිතය ප්‍රාන්ත කිහිපයක අන්තර්ජාලය ඔස්සේ සහ ස්පොට්ලයිට් වෙළඳසැල්වල අලෙවි කර තිබෙනවා.
අදාල ප්‍රාන්තයන් වන්නේ නිව් සවුත්වේල්ස්, ක්වින්ස්ලන්ඩ්, දකුණු ඔස්ට්‍රේලියාව, ටස්මේනියාව, වික්ටෝරියාව සහ බටහිර ඔස්ට්‍රේලියාව යි.
මෙම අයිතමය මිලදී ගත් ඕනෑම අයෙකුට ආපසු ගෙවීම් සඳහා ඕනෑම ස්පොට්ලයිට්ස් වෙළඳසැලකට ආපසු භාරදිය හැකි බවයි පාරිභෝගික කොමිසම අවධාරණ කරන්නේ.