
ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනක් දැන් ෆෙඩරල් මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට එක්ව සිටිනවා.
ඔස්ට්‍රේලියානුවන් අඩක් පමණ මේ වනවිටත් පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ඡන්ද හිමි නාමලේඛනයේ සිටින මිලියන 18.1 ක ජනතාව සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිසම පවසනවා.

ඡන්දය ප්‍රකාශ නොකරන ඕනෑම අයෙකුට දඩ මුදලක් ගෙවීමට ද සිදු වන බවයි මැතිවරණ කොමිසම අවධාරණය කරන්නේ.
රටපුරා ඡන්ද මධ්‍යස්ථාන 7,000 වැඩි සංඛ්‍යාවක් පවතින අතර පෙරවරු 8 සිට සවස 6 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතිනවා.

ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන තුළ පෝලිමක් පවතී නම් ඉවසීමෙන් කටයුතු කරන ලෙසද බලධාරීන් ඉල්ලා සිටියා.