Search

චීන ඡන්ද දායකයින් නිසා ඔස්ට්‍රේලියා විපක්ෂයට චෝදනා

මැතිවරණයට දින කිහිපයකට පෙර සිට , ඕස්ට්‍රේලියානු විපක්ෂ අපේක්ෂකයින් තීරණාත්මක කණ්ඩායමක් වන චීන ඕස්ට්‍රේලියානු ඡන්දදායකයින් ආකර්ෂණය කර ගනිමින් සිටින බවට වාර්තා පල වනවා.

චීන ඕස්ට්‍රේලියානු ඡන්දදායකයින් පසුගිය මැතිවරණයේදී කොන්සර්වේටිව් ලිබරල්-ජාතික සන්ධානයට පිටුපා සිටි බවටයි වාර්තා වුනේ.

විපක්ෂ අපේක්ෂකයින් WeChat සහ RedNote වැනි චීන සමාජ මාධ්‍ය යෙදුම් භාවිත කරමින් අපේක්ශකයින් වෙත විවිද පනිවුඩ හුවමාරු කරමින් සිටින බවටයි වාර්තා වල සදහන් වන්නේ.

එමගින් ඔවුන් චීන ඕස්ට්‍රේලියානු ඡන්දදායකයින් ආකර්ෂණය කිරීමට විවිද ක්‍රම භාවිත කරන බවට තොරතුරු වාර්තා වනවා.

2022 දී ලෝයි ආයතනය විසින් කරන ලද මත විමසුමකට අනුව, චීන ඕස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් හය දෙනෙකු පමණ දිනකට වරක් WeChat භාවිතා කරනු ලබනවා.

චීන වැසියන් ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 5.5% ක් පමණක් වුවද, චීන ඕස්ට්‍රේලියානුවන් 2022 දී කම්කරු පක්ෂයේ ජයග්‍රහණයට තීරණාත්මක දායකත්වයක් ලබා දුන් බව සදහන්.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »