Search

විනිසුරුත් කදුලු සලමින් දුන් නඩු තීන්දුව

මෙල්බන් දුම්රිය ස්ථානයකදී  තරුණයකු තියුණු ආයුදයකින් පහරදී මරා දැමීම  සම්බන්ද නඩු විභාගයේදී සිදු වූ සාක්ශි විමසීම් හමුවේ විනිසුරුවරයාද කදුලු සලා තිබෙනවා.

2023 මැයි මාසයේදී තරුණයින් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසු (Pasawm Lyhym) පසව්ම් ලිහිම් නම් තරුනයාගේ පිටුපසට තියුණු ආයුදයකින් පහරදීම සිදු වූ බවයි අනාවරන වී ඇත්තේ.

නිරායුධව සිටි සහ ජීවිතය බේරා ගැනීමට දුවමින් සිටි 16 හැවිරිදි තරුණයා, පාසලට යන අතරතුර සන්ෂයින් හි බස් නැවතුම්පොළකදී මිය ගොස් තිබුනා.

ඔහුගේ ඝාතකයා වූ ඒ වන විට වයස අවුරුදු 17 ක පිරිමි ළමයෙකු එම ස්ථානයෙන් පලා ගොස් තිබුණත් දින 12 කට පසු පොලිසියට භාර වි තිබෙනවා.

නීතිමය හේතූන් මත නම් කළ නොහැකි දැන් 19 හැවිරිදි තරුණයාට වසර 13 ක සිර දඬුවමක් නියම කර වසර වසර අටක් ගතවන තුරු කිසිදු අයුරකින් නිදහස ලබා නොදීමටද අදිකරනය තීන්දු කලා.

විනිසුරු මයිකල් ක්‍රෝචර් පැවසුවේ මෙවන් ආයුධ රැගෙන යාම සම්පූර්නයෙන් නතර කල යුතු බවයි.

ලිහිම්ගේ පවුලේ අය අධිකරණ ශාලාවේ සිටි අතර ඔවුන්ගේ වින්දිත බලපෑම් ප්‍රකාශ විනිසුරුවරයා විසින් කියවන විට කඳුළු සලා තිබෙනවා.

මියගිය තරුණයාගේ පවුලේ අය සදහන් කර තිබුනේ අපේ ගෙදර දරාගත නොහැකි නිහඬතාවයකින් පිරී තිබෙනවා, ඔහුගේ සිනහව කඳුළු සහ හද ගැස්ම අපට තාමත් දැනෙනවා යනුවෙන්.

“කිසිම දෙමව්පියෙකුටම තම දරුවා භූමදාන කිරීමට සිදු නොවිය යුතුයි.”

විනිසුරු ක්‍රෝචර් ප්‍රකාශ කියවන විට හැඟීම්බර වූ අතර ඔහුද සිය දෙනෙතේ කදුලු පිසදමා තිබෙනවා.

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »