Search

ඔස්ට්‍රේලියානුවන් ඡන්දය ගැන දැන ගත යුතු දේ

2025 ෆෙඩරල් මැතිවරණයේ ඡන්ද විමසීම අදයි.

ඡන්ද හිමි නාමලේඛනයේ සිටින මිලියන 18.1 ක ජනතාව සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය බව මැතිවරණ කෙමිසම පවසනවා.

ඡන්දය ප්‍රකාශ නොකරන ඕනෑම අයෙකුට මැතිවරණයේ දී තම අදහස් දැක්වීම අතපසු වනවා පමණක් නොව, දඩ මුදලක් ගෙවීමට ද සිදු වනු ඇති.

රටපුරා ඡන්ද මධ්‍යස්ථාන 7,000 වැඩි සංඛ්‍යාවක් පවතින අතර පෙරවරු 8 සිට සවස 6 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතිනවා.

ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන තුළ පෝලිමක් පවතී නම් ඉවසීමෙන් කටයුතු කරන ලෙසද බලධාරීන් ඉල්ලා සිටියා.

තැපැල් ඡන්දය භාවිත නොකළ පුද්ගලයින්ට අද සවස 6 තෙක් ඒ සඳහා අවස්ථාව ද පවතිනු ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

තමාට ළඟින් ම පිහිටි ඡන්ද මධ්‍යස්ථාන සොයා ගැනීමට ප්‍රදේශය, තදාසන්න ප්‍රදේශය හෝ postcode එක​ මත පදනම්ව ඔස්ට්‍රේලියා මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියෙන් (Where can I vote in the 2025 election – Australian Electoral Commission) හැකියාව පවතිනවා.

 

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »