Search

ලොව වයසින් වැඩිම පුද්ගලයා බ්‍රිතාන්‍යයෙන්

 

ලොව වයසින් වැඩිම පුද්ගලයා ලෙස බ්‍රිතාන්‍යයේ කාන්තාවක් නම් කර තිබෙනවා.

එතල් කැටර්හැම් නම් ඇයගේ වයස අවුරුදු 115 ක් ‍.

බ්‍රසීලයේ අවුරුදු 116ක් ජීවත් වු  කනබාරෝ ලූකාස් බෞද්ධ භික්ෂුණිය අපවත් වීමෙන් පසුවයි ඇය ලොව වයසින් වැඩිම පුද්ගලයා ලෙස නම් කර ඇත්තේ.

1909 අගෝස්තු 21 වනදා හැම්ෂයර්හි පිහිටි ගම්මානයක උපන් එතල් කැටර්හැම් VII වන එඩ්වඩ් රජතුමාගේ පාලන සමයේ උපන් අවසන් ජීවමාන පුද්ගලයා ලෙස ද සැලකෙනවා.

ඇය තම දිගු ජීවිතයේ රහස ලෙස සඳහන් කරන්නේ කිසිවෙකුත් සමඟ වාද කිරීමෙන් වැලකී සිටීමයි.

ජීවිතයේ උසස් හා පහත් අවස්ථා සියල්ලම සැහැල්ලුවෙන් භාරගෙන ජීවිතය ගෙවූ බවයි ඇය පවසන්නේ.

වයස අවුරුදු 100 කට අසන්න වන තෙක් වාහන පැදවූ එතල්, බ්‍රිජ් ක්‍රීඩාවේ ද නියැලුනා.

ඇයගේ සැමීයා වු නෝර්මන් කැටර්හැම් සමග 1933 දී විවාහ වු අතර ඔහු 1976දී  60 හැවිරිදි වියේදී මිය ගියා.

පවුල යනු ජීවිතයේ වැදගත්ම දෙය බව පවසන එතල් පෙන්වා දෙන්නේ දරුවන් හා මවුපියන්ට සොදුරු මතක පිරිනැමීම ඉතා වටිනා බවයි.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »