
මෙල්බර්න් අධිවේගී මාර්ගයක වාහනයක් අනතුරකට ලක්ව තිබෙනු දැක උදව් කිරීමට නතර වූ කාන්තාවගේ මෝටර් රථය සොරකම් කර තිබෙනවා.
Glenferrie පාරේ උදෑසන 6:15 ට පමණ Toyota Prius මෝටර් රථයක් මාර්ග බාධකයක වැදී ඇති අතර, එම අවස්ථාවේදී පිටුපසින් ධාවනය කළ 33 හැවිරිදි කාන්තාවක් අනතුරට ලක් වූ අයට උදව් කිරීමට නතර වී තිබෙනවා.
එම අවස්ථාවේ අනතුරට පත් මෝටර් රථයේ සිටි තරුණයන් පස් දෙනෙකු එම කාන්තාවට පහර දී ඇගේ නිල් පැහැති Toyota Sedan රථය රැගෙන පලා ගොස් තිබෙනවා.

සුළු තුවාල ලැබූ කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර .තිබෙනවා.
අනතුරට පත්ව තිබු Toyota Prius රථය ද මීට දින කිහිපයකට පෙර Point Cook හි දී කොල්ලකෑ වාහනයක් බව වික්ටෝරියා පොලිසිය පවසනවා.

මෙම සිදු වීම් සම්බන්ධ තවත් තොරතුරු තිබේ නම් ඒවා ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.