Search

යකඩ කැබලි නිසා Highway මාර්ගයක් වැසේ

ඔස්ට්‍රේලියාවේ කාර්බහුලම අධිවේගී මාර්ගයක ගමන් ගත් ට්‍රක්රථයක තිබූ ලෝහ කැබලි මාර්ගයට විසිවීමෙන් වාහන සිය ගණනක ටයර්වලට හානි සිදුව තිබෙනවා.

මේ නිසා නිව් සවුත්වේල්ස් වෙරළ තීරයේ M1 Wyong පාරේ සිට Mount White දක්වා දකුණු දෙසට හයිවේ මාර්ගය වසා දමා ඇති බවයි පොලීසිය පවසන්නේ.

ටයර් වලට හානී වූ මෝටර් රථ සිය ගණනක් පාර අයිනේ නවතාගෙන ටයර් මාරු කිරීමට රියැදුරන්ට සිදු ව තිබෙනවා.

මේ අතර වාහන පැරණි පැසිෆික් අධිවේගී මාර්ගයට යොමු කර ඇති නමුත් එම මාර්ගය මේ වන විට අධික තදබදයට ලක්ව තිබෙනවා.

අධිවේගී මාර්ග ප්‍රධාන පොලිස් පරීක්ෂක තෝමස් බාන්ස් පැවසුවේ මෙවැනි තත්වයක් මීට පෙර නොසිදූ වු බවයි.

අනතුරට හේතු වූ NJ Ashton ට්‍රක් රථ සමාගමේ හිමිකරු පවසන්නේ ට්‍රක් රථයේ පිටුපසින් යකඩ කැබලි පිටතට විසිවීම එම රියදුරු කිසිසේත්ම දැන සිටියේ නැති බවත් මෙම අනතුර සම්බන්ධයෙන් සමාව අයැද සිටින බවයි..

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »