Search

මෙල්බර්න්හි Neo-Nazi පත්‍රිකා බෙදීම ගැන පරීක්ෂණ

මෙල්බර්න්හි Caulfield ප්‍රදේශයේ යුදෙව් ජනතාව බහුලව ජීවත් වන ප්‍රදේශයක නව-නාසිවාදී Joel Davis විසින් අවසරලත් යුදෙව් විරෝධී පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම පත්‍රිකා යුදෙව් ප්‍රජාව අතර කෝපය ඇති කර තිබේ.

එසේම, Davis ඇතුළු සිව්දෙනෙකුකූ ප්‍රදේශයේ පැවති පූර්ව ඡන්ද මධ්‍යස්ථානයකදී යුදෙව් විරෝධී පුවරු ප්‍රදර්ශනය කරමින්, ලිබරල් පක්ෂය උපහාසයට ලක්කළ පත්‍රිකා බෙදාහැර ඇති බව වාර්තා වේ .

මෙම ක්‍රියාවන්ට ලිබරල් සෙනෙට් සභික James Patterson ඇතුළු දේශපාලනඥයන්ගෙන් දැඩිව හෙළාදැක තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය හා ඡන්ද කොමිසම මෙම සිදුවීම් පිළිබඳව සොයා බලමින් සිටින අතර, වෛරී හැසිරීම්වලට සමාජයේ ඉඩක් නැතැයි අවධාරණය කර ඇත.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »