
ඔස්ට්‍රේලියානු දරුවන් සහ යෞවනයින්ගේ රෝගයකට අත්‍යවශ්‍ය ඖෂධයක හිඟයක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.
hyperactivity disorder රෝගයෙන් පෙළෙන දරුවන් සඳහා අවශ්‍ය ඖෂධයක ජාත්‍යන්තර හිඟතායවක් මතුව තිබීම මීට හේතුවයි.
ළමුන් මිලියන ගණනකට බලපාන නිදන්ගත තත්වයක් වන මෙම රෝගය බොහෝ විට වැඩිහිටිවිය දක්වාම පවතිනවා.

hyperactivity disorder හි ලක්ෂණ ලෙස අධි ක්‍රියාකාරිත්වය, මොළය වර්ධනයට බාධ සිදුවීම සහ ආවේගශීලීත්වය සැලකෙනවා.
ජාත්‍යන්තරව පවතින මෙම හිඟය මේ වසරේ අගභාගය වන තෙක් පවතිනු ඇති බවයි ඔස්ට්‍රේලියා සෞඛ්‍ය නියාමකයා කියාසිටියේ.

මේ හේතුවෙන් දරුවන්ට නියම කරන ලද මාත්‍රාව ලබාදිය නොහැකිවීමෙන් එම රෝගයෙන් පෙළෙන්නන්ට එය අහිතකර ලෙස බලපානු ඇති බවයි ළමා රෝග විශේෂඥ සාරාන් ලවෙට් පැවසුවේ.
නොවැලැක්විය හැකි මෙවැනි හිඟයකදී විදේශීය ලියාපදිංචි නිෂ්පාදන ඇතුළු අනෙකුත් වෙළඳ නාම සලකා බලන මෙන් සෞඛ්‍ය අංශ රෝගී පවුල්වලින් ඉල්ලා සිටිනවා.