Search

මෙල්බන් පාසල් දරුවන්ටත් සුදුවෑන් බියක්

සුදු වෑන් රථයකින් ළමයෙකු පැහැර ගැනීමට තැත්කළ සිද්ධියක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා.

Parkdale හි ශාන්ත ජෝන් වියානි ප්‍රාථමික පාසලේ ඉගෙනුම ලබන මෙම දරුවා ඊයේ දහවල් පාපන්දු පුහුණුවීම් සඳහා ගමන් කරමින් සිටියදීයි මෙම සිද්ධියට මුහුණදී ඇත්තේ.

ඒ යන අතරතුර සුදු වෑන් රථයකින් පැමිණි පුද්ගලයා වාහනය තුළට එන ලෙස දරුවාගෙන් ඉල්ලීම් කර තිබෙනවා.

කෙසේවතත් දරුවා පාපන්දු පුහුණුවීම් සඳහා ඉක්මනින් ගමන් කළ අතර සිදුවූදේ පිළිබඳ වැඩිහිටියන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

පාසලේ විදුහල්පති මයිකල් ෂින්ක් සිද්ධිය පිළිබද දෙමාපියන් දැනුවත් කර තිබෙනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත්කර ඇති නමුත් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

ඇල්බනීස්ට තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු රහසින් හමුවෙයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »