
අපරාධ වලට එරෙහිව ආරක්ෂාව වැඩිදියුණු කිරීමට Australia and New Zealand Banking Group Limited (ANZ) බැංකුව අන්තර්ජාල පාස්වර්ඩ්ස් අහෝසි කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ පළමු වරටයි ANZ බැංකුව එහි ANZ plus සේවාව භාවිතා කරන ලක්ෂයක පමණ පාරිභෝගිකයන් සඳහා මුරපද අහෝසි කිරීමට තීරණය කලේ.
ඉක්මනින්ම තම account වෙත යාම සදහා ඕස්ට්‍රේලියානුවන් මිලියනයක් පමණ මුරපදයක් නොමැතිව අන්තර්ජාල බැංකුකරණයට යොමු වන බවයි සමීක්ශනයකින් අනාවරන වී තිබෙන්නේ.

ඒ වෙනුවට ඇඟිලි සළකුණු හෝ මුහුණ වැනි Passkey එකක් හෝ ANZ Plus යෙදුම ඔස්සේ ලොගින් ඉල්ලීමකට අනුමැතිය දීමෙන් ලොගින් වීමට හැකි වනවා.
බැංකුව කියා සිටියේ මෙම පියවර මඟින් දත්ත බිඳීම් සහදත්ත සොරකම් කිරීම්වලට එරෙහිව පාරිභෝගික ආරක්ෂාව වඩා වැඩි වන බවයි.

එමෙන්ම, “Digital Padlock” නමැති නව විශේෂාංගයක්ද ඉදිරියේදී හඳුන්වාදීමට බැංකුව පියවර ගනු ඇති.
එමගින් සයිබර් ප්‍රහාරයකට ලක්වෙමින් සිටින බව සැකයක් ඇති පාරිභෝගිකයකුට තම ගිණුම් කඩිනමින් ලොක් කිරීමට ඉඩ සලස්වනු ලබනවා.