
SLIM ආයතනය දෙවන වරටත් සංවිධානය කළ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධන ඇගයීම් සම්මන උළෙලේ දී අපනයන අංශයේ රන් සම්මානය දිනා ගැනීමට දෙරණ මාර්කටින් සර්විස් (පුද්ගලික) සමාගම සමත් වුණා.
පසුගිය අප්‍රේල් 28 වන දින සවස Monarch Imperial හෝටලයෙ මෙම සම්මාන උළෙල පැවැත්වුණා’
දෙරණ මාර්කටින් සර්විස් (පුද්ගලික) සමාගම මේ වන විට ලෝකයේ රටවල් 6 කට මෙරට ආහාර නිෂ්පාදන වර්ග 380 කට වඩා වැඩි ප්‍රමාණයක් අපනයනය කරනු ලබනවා.

දෙරණ මාර්කටින් සර්විස් ආයතනය යනු වසර 20 කට ආසන්න කාලයක් මුළුල්ලේ ආයතනයේ විශ්වාසනීයත්වය සහ ගුණාත්මකභාවය රැකගනිමින්, ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික රසයත්, නියමිත ආහාර ආරක්ෂණ ප්‍රමිතීන් යටතේ නිෂ්පාදනය කරන ආහාර ලෝකය පුරා බෙදාහැරීම සිදු කරන කීර්තිමත් ආයතනයකි.
දෙරණ මාර්කටින් සර්විස් ආයතනයේ අපනයන වෙළඳාම පළමුවරට සිදු කරනු ලැබුවේ ඕස්ට්‍රේලියාව සමඟයි.

දෙරණ ඔස්ට්‍රේලියා ආයතනයේ කලමණාකාර අධ්‍යක්ෂ ඩෙන්සිල් ජයවීර ශ්‍රී ලාංකේය නිෂ්පාදන ඔස්ට්‍රේලියාව පුරා ප්‍රචලිත කිරීම වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කළා.
ඔස්ට්‍රේලියාව තුළ ප්‍රමුඛතම සහ විශ්වාසනීයම ශ්‍රී ලංකේය සන්නාමය බවට දෙරණ පත් කිරීම පිටුපස සිටි දැවැන්තයා වන්නේ ද ඔහුය.
දෙරණ ආයතනයට මෙම SLIM රන් සම්මානය ප්‍රදානය කිරීම, අපනයනය කරනු ලැබු ප්‍රමාණය, අලෙවිකරණය සඳහා යොදා ගත් ක්‍රමවේදය හා ඉදිරි දැක්ම වැනි නිර්ණායකය රැසක් ඔස්සේ කළ ඇඟයීමකින් පසුව සිදු කර තිබුණා.
සම්මාන රාත්‍රීයේ දී, දෙරණ මාර්කටින් සර්විස් ආයතනයේ ශ්‍රී ලංකාවේ කළමනාකර අධ්‍යක්ෂවරයා ඇතුලු නිලධාරීන් මෙම සම්මානය ලබා ගැනීම සිදු කළා.