වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ට අමතක වන “Face-Masks” – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ට අමතක වන “Face-Masks”

වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ට අමතක වන “Face-Masks”

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නන් අතුරින් අඩකට ආසන්න පිරිසක් මුව ආවරණ භාවිත නොකරන බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

අප්‍රේල් මාසයේදී දුම්රියේ ගමන්කල පිරිසෙන් සියයට 50 ක් සහ ට්‍රෑම් රථ භාවිත කල අයගෙන් සියයට 45 ක් මුවබ ආවරණ භාවිත කර තිබී නැහැ.

ඔවුන් වැඩි පිරිසක් ඊට හේතුව ලෙස දක්වා තිබුණේ නිවසින් පැමිණීමේදී මුව ආවරණයක් ගෙන ඒමට අමතක වීමයි.

මෙම තත්වය සැළකිල්ලට ගෙන දුම්රිය හා මෙට්‍රෝ ස්ථාන වල නොමිලයේ මුව ආවරණ බෙදා දීමේ වෙනම කවුලු ඇති කිරීමටද වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

එමෙන්ම ගුවන් තොටුපළ සහ වැඩිහිටි නිවාසවලදීද මෙලෙස මුව ආවරණ භාවිතය සැළකිය යුතු මට්ටමකින් සිදු නොවන බවද හෙළිවී ඇත.