Search

ගුරුවරියට පිහියෙන් ඇන මෝටර් රථය පැහැරගත් දැරියක් අත්අඩංගුවට

 

ගුරුවරියකට පිහියෙන් ඇන මෝටර් රථයක් පැහැරගත් 15 හැවිරිදි දැරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙල්බර්න්හි ගිනිකොන දෙසින් පිහිටි උසස් පාසලක රථගාලකදීයි පහැරගැනීම සිදුවී ඇත්තේ.

සිද්ධියට ලක්වූ ගුරුවරියට තුවාල සිදුවී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් දැරිය ළමා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පැහැරගත් මෝටර් රථය ද සොයාගෙන තිබෙනවා.