Search

AI මගින් අසභ්‍ය නිර්මාණ කරන්නන්ට ඔස්ට්‍රේලියා ප්‍රාන්තයකින් අලුත් නීති

කෘතිම බුද්ධි උපයෝගී කරගනිමින් සිදුකරන පුද්ගල හානිකර දෑ සම්බන්ධයෙන් නව නීති සම්මත කිරීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය සූදානම් වනවා.

deepfakes තාක්ෂණය මගින් නිර්මාණය කරන හානිකර පින්තූර සහ වීඩියෝ වලින් බලපෑමට ලක්වන පුද්ගලයින් ආරක්ෂා කිරීමට නව නීති ගෙන එන බවයි බලධාරීන් අවධාරණය කරන්නේ.

ඒ අනුව deepfakes භාවිතා කරන වැරදිකරුවන්ට හැකි ඉක්මනින් බන්ධනාගාරගත කිරීමේ නීතිය ගෙන ඒමට දකුණු ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

පුද්ගලයෙකුගේ ලිංගිකත්වය මෙන්ම සම්මුතියෙන් තොරව ව්‍යාජ ලෙස නිර්මාණය කරන පින්තූර සම්බන්ධයෙන් පැමිණිලි වැඩිවීමෙන් මෙම ව්‍යවස්ථා සම්පාදනය කිරීමට නැඹුරු වූ බවයි ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ.

එවැනි ආකාරයේ පින්තූර වසරින් වසර සියයට 500 කට වඩා ඉහළ යමින් පවතිනවා.

විශේෂයෙන් කෘතිම බුද්ධිය භාවිත කරමින් අසභ්‍ය පින්තූර සියයට 90 ක් නිර්මාණය වන අතර ඉන් සියයට 99 ක්ම කාන්තාවන් සහ ගැහැණු ළමුන් ඉලක්කර කර ගන්නා බවයි දකුණු ඔස්ට්‍රේලියා නීතිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.

දකුණු ඔස්ට්‍රේලියා දේශපාලනඥයෙකු සඳහන් කළේ යෝජිත නීතිය යටතේ ඩීප්ෆේක් නිර්මාණය කිරීම හෝ ප්‍රචාරය කිරීමේ වැරදිකරුවන්ට වසර 4 ක සිර දඬුවමක් හෝ ඩොලර් 20,000 ක ඉහළ දඩයක් පනවන බවයි.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »