
Woolworths හි සේවය කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ජීවන වියදම් පියවා ගැනීම සදහා රැකියා තුනක නිරත වී සිටින බව වාර්තා වනවා.
ඒහෙත් ඔහු පවසන්නේ තම ඉතුරුම් මුදල ඉතා අඩු මට්ටමක පවතින බවයි.
25 හැවිරිදි මෙම තරුණයා Woolworths හි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස, නිවාස පිරිසිදු කිරීමේ සේවාවක් සහ Uber රියදුරෙකු ලෙස රැකියාවන්හි නිරත වනවා.

ඒහෙත් ඉන් ඔහු ඉතිරිකරගෙන ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 2,000 ක මුදලක් පමණක් වන අතර ඔහු පැවසුවේ මෙම ආදායම සිය නිවාස බදු, ජීවන වියදම් සහ විශ්වවිද්‍යාල ගාස්තු සඳහා වැය වන බවයි.
ඔස්ට්‍රේලියාවේ ජීවත්වන තරුණයන්ට මුහුණපෑමට සිදුවන මූල්‍ය පීඩා පිළිබද මෙම සිදුවීමෙන් පැහැදිලි වෙනවා. ඉතා කාර්යබහුල ජීවිත ගෙවන ඔවුන්ට මුදල් ඉතිරිකර ගැනීම ඉතා දුෂ්කර බවයි Westpac බැංකුවෙන් නිකුත් කරන ලද දත්ත පෙන්වා දෙන්නේ. ජීවන වියදම්, බදු සහ අධ්‍යාපන ගාස්තු ඉහළ යාම නිසා, තරුණයන්ට මූල්‍යමය ස්ථාවරත්වයක් ලබා ගැනීම ඉතා අපහසු වී තිබෙනවා. නිවසක් මිලදී ගැනීම වැනි ඉලක්ක පවා ඕස්ට්‍රේලියානු තරුණයන්ට වඩාත් අසීරු වී ඇති බවයි වාර්තා වන්නේ.
