Search

AI භාවිතයෙන් වාසි රැසක්

AI භාවිතයෙන් ලබාගත හැකි වාසි රැසක් AI Her Way ආයතනය පෙන්වා දී තිබෙනවා.

එහි  අධ්‍යක්ෂිකා නිසි ස්විනී (Nici Sweaney) පවසන්නේ AI මෙවලම් භාවිතයෙන් අපගේ වැඩ කිරීම්, ජීවිත සහ එකිනෙකා සමඟ හුවමාරු වීම සම්පූර්ණයෙන්ම වෙනස් වන බවයි.

නිතර AI භාවිත කිරීමෙන් ප්‍රමාණාත්මකව 40%ක වැඩ වර්ධනයක් සිදුවිය හැකි අතර, එය සතියේ වැඩ දින දෙකකට සමාන වෙනවා.

AI භාවිතා කරන්නන්ගේ හැකියා අනෙකුත් අයට වඩා ඉදිරියෙන් පවතින බවයි ආයතනය පෙන්වා දෙන්නේ.

ChatGPT, Copilot, Claude සහ Gemini වැනි භාෂා ආදර්ශ විවිධ කාර්ය සඳහා භාවිතා කළ හැකි අතර  පිරිමින් වැඩි ප්‍රමාණයක් AI භාවිතයට යොමු වී තිබෙනවා.

වෘත්තිය හා පුද්ගලික හැකියාවන් වර්ධනය කරගැනීමට සහ අනාගත ඉලක්ක සපුරා ගැනීමට මෙය භාවිතා කිරීම ඉතා හොඳ මාර්ගයක් බවයි AI Her Way ආයතනය පවසන්නේ.

දරුවාගේ ලිංගිකත්වය සනාථ කිරීමට ඇමරිකාවට යන මෙල්බන් මවක්

ඇයට Instagram හි පරිශීලකයින් 60,000 කට වැඩි පිරිසක් සිටින අතර ඇය එහි සටහන් කර ඇත්තේ දරුවාගේ ලිංගිකත්වය පරීක්ෂා කිරීමට ඩොලර් 45000 ක් ගෙවා ඇමරිකාවට පියාසර කරන බවයි.

Read More »