Search

දකුණු ඕස්ට්‍රේලියාවට ආසියාවේ අලි දෙන්නෙක් එයි

 

Taronga සත්වෝද්‍යානයේ සිටි අවසන් ආසියානු අලි දෙදෙනා, Adelaide හි Monarto Safari උද්‍යානය බලා ගෙන ගොස් තිබෙනවා.

ඒ අනුව 1886 දී New South Wales හී මුවර් උද්‍යානය විවෘත කිරීමෙන් පසු පළමු වතාවට, එහි පිහිටි ටැරොන්ගා සත්වෝද්‍යානයේ අලි ඇතුන් ගෙන් හිස් වන පළමු අවස්ථාව මෙයයි.

ටැං මෝ සහ පාක් බූන් නම් ආසියානු අලි දෙදෙනා දකුණු ඕස්ට්‍රේලියාවේ Monarto Safari උද්‍යානයට ගෙන යාමෙන් පසුව එහි නව අලි රංචුවක සමඟ එක්වීම සිදු වෙනවා.

Monarto Safari උද්‍යානය ඕස්ට්‍රේලියාවේ විශාලම සත්වෝද්‍යානයයි.

මේ ‘ගැහැණු ළමයින් හමුවීමට සහ ඔවුන්ගේ පෞරුෂයන් දැන හඳුනා ගැනීමට සතුටෙන් පසුවනවා’ යැයි මොනාටෝ සෆාරි උද්‍යානයේ අලි පාලක Tess Stevens පවසනවා.