
පෙර මැතිවරණවලට වඩා ඕස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් පුරවා ඡන්ද ප්‍රකාශ කිරීමට පෙළඹී තිබෙනවා.
ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ දත්ත වලට අනුව පෙනී යන්නේ මිලියන 4.03 කට වැඩි පිරිසක් දැනටමත් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.
2022 දී ඡන්දදායකයින් මිලියන 3.2 ක් පුරවා ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

මේ අතර මිලියන 2.6 ක විශාල ජනතාවක් තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා අයදුම් කර ඇති අතර අයැදුම් කිරීමේ කාලය බදාදා සවස 6 ට අවසන් වෙනවා.
මෙම මැතිවරණයේදී ඕස්ට්‍රේලියානුවන් වාර්තාගත සංඛ්‍යාවකින් පුරවා ඡන්දය ප්‍රකාශ කිරීම සහ තැපැල් ඡන්ද අයදුම් කිරීමට තෝරා ගැනීම නිසා මෙවර ඡන්ද රටාවන්හි වෙනසක් පෙන්නුම් කරනවා.

දේශපාලන විශේෂඥයින් පවසන්නේ එය මැයි 3 වන දින දිගු පෝලිම්වල සිටීම වළක්වා ගැනීමට වඩා නැගී එන ප්‍රවණතාවක් විය හැකි බවයි.
සිඩ්නි විශ්ව විද්‍යාලයේ ඕස්ට්‍රේලියානු දේශපාලනය පිළිබඳ මහාචාර්ය Rodney Smith පැවසුවේ වැඩි පිරිසක් ඔවුන්ගේ වැඩ කාලසටහන් සහ ජීවන රටාවට ගැලපෙන පරිදි කලින් ඡන්දය ප්‍රකාශ කිරීම තෝරාගෙන ඇති බවයි.