Search

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට  Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

මෙයට හේතුව දෝෂ සහිත, අනිසි ලෙස භාවිතා කරන ලද ලිතියම් බැටරි සහිත උපකරණ සහ ආරක්ෂක උපක්‍රම නොමැති Power bank ගුවන් ගමන අතරතුර ගිනි ගැනීමට හෝ  පුපුරා යාමට ඉඩ තිබීම හේතුවෙන්.

ජනවාරි මාසයේ දී,  එයාර් බුසාන් ගුවන් යානයක සිදුවීමකින් පසු සිංගප්පූරු ගුවන් සේවය, චයිනා එයාර්ලයින්ස් සහ තායිවානයේ ඊවා එයාර් යන ගුවන් සේවා සියල්ලම Power bank භාවිතයට සීමාවන් පැනෙව්වා.

ඕස්ට්‍රේලියාවේ, ප්‍රධාන ගුවන් සමාගම් ද Power bank සහ අමතර බැටරි සම්බන්ධයෙන් දැඩි නීති පනවා තිබෙනවා.

ඒ අනුව ලිතියම් බැටරි  හෝ Power bank සවි කර ඇති ගමන් මළු තහනම් කර තිබෙනවා.

නමුත්  ලිතියම් නොවන බැටරි හෝ Power bank  පරීක්ෂා කළ ගමන් මළුවල රැගෙන යා හැකි බවටයි තොරතුරු සදහන් වෙන්නේ.

දරුවාගේ ලිංගිකත්වය සනාථ කිරීමට ඇමරිකාවට යන මෙල්බන් මවක්

ඇයට Instagram හි පරිශීලකයින් 60,000 කට වැඩි පිරිසක් සිටින අතර ඇය එහි සටහන් කර ඇත්තේ දරුවාගේ ලිංගිකත්වය පරීක්ෂා කිරීමට ඩොලර් 45000 ක් ගෙවා ඇමරිකාවට පියාසර කරන බවයි.

Read More »