Search

ජනපති ට්‍රම්ප් අගමැති ඇල්බනීස් සමග සාකච්ඡාවකට

ෆෙඩරල් මැතිවරණයෙන් පසු වෙළඳාම සහ තීරුබදු පිළිබඳව අගමැති ඇන්තනි ඇල්බනීස් සමඟ කතා කරන බව අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා.

ජනාධිපති ට්‍රම්ප් මේ බව සදහන් කර තිබුනේ ඕස්ට්‍රේලියානු වාර්තාකරුවෙකු  අමරිකාවේ මාධ්‍ය හමුවකදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ඇමරිකාව පසුගියදා ඕස්ට්‍රේලියා භාණ්ඩ සඳහා 10% ක බදු පනවනු ලැබුවා.

ඇලුමිනියම් සහ වානේ සඳහා 25% ක තීරුබදු පනවනු ලැබු බවයි වාර්තා වුනේ.

මීට ප්‍රතිචාර දක්වමින් අගමැති ඇල්බනීස්  කියා සිටියේ, මැතිවරණ දිනයෙන් පසු ඕනෑම සාකච්ඡාවක් සිදුකල හැකි බවයි.

මේ දින වලදී  තමා කිසිවෙකුට කතා කිරීමට උත්සාහ නොකරන අතර සාර්තක  මැතිවරණ ව්‍යාපාරයක යෙදී සිටින බවයි ඔහු වැඩිදුරටත් සදහන් කලේ.