
Australia Sevens රග්බි කණ්ඩායමේ වසරේ හොදම නවක ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඒඩන් ඒකනායට හිමි වී තිබෙනවා.
19 හැවිරිදි ඔහු 2022 දී ග්ලෝබල් යූත් සෙවන්ස් හිදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ආකර්ෂණීය ලෙස ක්‍රීඩා කර ඇති බවයි වාර්තා වල දැක්වුනේ.
Sevens ලෝක රග්බි තරඟාවලියේදී ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමටද ඒඩන් ඒකනායට අවස්තාව හිමි වුනා.

කේප්ටවුන් හි පැවති සත් සාමාජික රග්බි කණ්ඩායම වෙනුවෙන් ඒඩන් ඒකනායක ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සිය පලමු තරගයට සහභාගී වුනේ.
මෙහිදී ඔහු ප්‍රංශය සහ මහා බ්‍රිතාන්‍යයට එරෙහිව ඉතා කැපී පෙනෙන් අන්දමින් උත්සාහක දිනුම් වාර්තා කර තිබුනා.

ඔහු පැවසුවේ ඔහුගේ පුහුණුවීම් සහ කණ්ඩායම සමඟ සිදුකල පුහුණුවීම් මෙම පියවරට හේතු වූ බවයි.
පළමු තරගයට පෙර තරමක් නොසන්සුන් බවක් දැනුනද අවසානයේ සාර්තකව ක්‍රීඩා කිරීමට උද්යෝගිමත් බවක් දැනුන බවයි ඔහු සදහන් කලේ.
ඒකනායක ඕස්ට්‍රේලියානු සත් සාමාජික රග්බි ක්‍රීඩාවේ අනාගත තරුවක් ලෙස විශ්වාස කෙරෙනවා.