
එක්සත් ජනපදයේ Amazon Australia ආයතනය ඔස්ට්‍රේලියානුවන් 600 කට වැඩි පිරිසකට තාවකාලික රැකියා අවස්ථා ලබාදීමට සූදානම් වනවා.
රට පුරා seasonal workers ලෙස එම බඳවා ගැනීම් සිදුකරන බවයි Amazon Australia පරිපාලනය පවසන්නේ.
එහි Amazon Logistics ශාඛා නිව් සවුත්වේල්ස්, වික්ටෝරියා, ක්වින්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියාවේ පවතිනවා.

ඒ අනුව වසරේ මැද එනම් ජූලි මාසයේදී පැවැත්වෙන Prime Shopping event කාලය සඳහා යි මෙම බඳවා ගැනීම් සිදුකෙරෙන්නේ.
තරඟකාරී වැටුප්, ආරක්ෂිත වැඩ පරිසරයක් සහ තාක්ෂණය මත පදනම් වූ සේවා ස්ථානයක වටිනා කුසලතා ගොඩනඟා ගැනීමට අවස්ථාව ලබාදෙන බවයි ඇමේසන් ඔස්ට්‍රේලියා මානව සම්පත් මෙහෙයුම් අධ්‍යක්ෂ ජැකී මාකර් කියාසිටියේ.
තාවකාලික රැකියාවක් සොයමින් සිටින්නන්ට හෝ ඇමේසන් සමග දිගු කාලීනව සේවය කිරීමට අපේක්ෂා කරන්නන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකි වනවා.

ඇසුරුම්කරණය, ගබඩාකරණය, ෆෝක් ලිෆ්ට් රියදුරන් සහ තවත් බොහෝ රැකියා අවස්ථා පවතින බවද එහි මෙහෙයුම් අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
රැකියා සඳහා ඉල්ලුම් කිරීමට ඇමේසන් ඔස්ට්‍රේලියා රැකියා වෙබ් අඩවිය වෙත පිවිසිය හැකි වනවා.