Search

ජනප්‍රිය Baby Therapeutic නිෂ්පාදනයක් නැවත කැඳවයි

Colic රෝගයෙන් පෙළෙන කුඩා දරුවන්ට ලබාදෙන ජනප්‍රිය Therapeutic නිෂ්පාදනයක් නැවත කැඳවීමක් සිදුකර තිබෙනවා.

පසුගිය සතියේ BlissBaby නිෂ්පාදකයන්ගේ Lufti Colic Reliever නිෂ්පාදනය නැවත කැඳවීමක් සිදුකළා.

ඒ අනුව එය ඔස්ට්‍රේලියාවේ ලියාපදිංචි වී ඇති Therapeutic භාණ්ඩ ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Therapeutic Goods පරිපාලනයට නිෂ්පාදනයේ ආරක්ෂාව  පිළිබඳ ප්‍රමාණවත් සාක්ෂි ලබාදීමට අපොහොසත් වී ඇති බවයි බලධාරීන් පවසන්නේ.

නිෂ්පාදනය මිලදී ගත් ඕනෑම අයෙකුට එය භාවිත නොකරන ලෙස හා BlissBaby වෙතින් ආපසු ගෙවීමක් ලබාගන්නා ලෙසයි පාරිභෝගිකයින්ට උපදෙස් දෙනු ලැබුවේ.

BlissBaby වෙබ් අඩවියට අනුව Lufti Colic Reliever 50,000 කට අධික සංඛ්‍යාවක් රට පුරා අලෙවි වී තිබෙනවා.

මෙම නිෂ්පාදනය මගින් බිළිඳන්ගේ සිරවී ඇති වායුව මුදාහැරීමට උපකාර කරන අතර අජීර්ණය, මලබද්ධය සඳහා ද යොදාගනු ලබන බවයි එහි නිෂ්පාදන ආයතනය කියාසිටියේ.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »