
නිරුවතින් නිදාගැනීමෙන් ලැබෙන විශ්මය ජනක ප්‍රතිලාභ ඉහළම වෛද්‍යවරයකු හෙළි කර තිබෙනවා.
Buff එකේ නිදාගැනීමෙන් වඩා හොඳ රාත්‍රියක් ලබා දීම, ලිංගික ආසාදන අවදානම අඩු කිරීම, පුරුෂ සාරවත් බව වැඩි කිරීම මෙන්ම සහකරු සමඟ ශක්තිමත් සම්බන්ධතාවයකට මඟ පෑදීමට හැකි වන බවයි හෙළිව ඇත්තේ.
meatonin වැනි නින්ද ප්‍රවර්ධනය කරන ස්වභාවිකව නිපදවන හෝමෝනවල ප්‍රමාණවත් සමතුලිතතාවයක් ලබා ගැනීමට රාත්‍රියේදී සිසිල් ශරීර උෂ්ණත්වයක් අවශ්‍ය වේ.

ඇමරිකානු නිද්‍රා වෛද්‍ය ඩේවිඩ් රොසන් පවසන්නේ රාත්‍රියේදී සිසිල්ව සිටීම, නින්දේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා සරල ක්‍රමයක් බවයි.
ඝන සහ උණුසුම් සුවපහසුවක් සමඟ නිදා ගැනීමට කැමති අයට, නිරුවතින් නිදාගැනීමෙන් එම අමතර උණුසුම සමතුලිත කරගත හැකි බව වෛද්‍යවරයා පවසනවා.

දිලීර වර්ධනය, ආසාදන ඇතිවීම, වේදනාව සහ කැසීම වැනි අපහසුතා රාත්‍රී ඇදුම් හේතුවෙන් ඇතිවිය හැකි බවයි ඔහුගේ වාර්තාවක දක්වා ඇත්තේ.
2024 දී ලොව පුරා පුද්ගලයින් 20,000 ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ බ්‍රිතාන්‍යයන්ගෙන් සියයට 20 ක් නිරුවතින් නිදා ගැනීම තෝරා ගෙන ඇති බවයි.