
අධික මිල ගණන් නොමැතිව ගුවන් තොටුපළ සුඛෝපභෝගී සේවා ලබා ගැනීමේ ක්‍රමවේදයක් දැන් ටික්ටොක් හරහා ජනප්‍රිය වෙමින් තිබෙනවා.
සුවපහසු විවේකාගාර, අසීමිත බීම, බුෆේ, ෂවර් සහ පියාසර කිරීමට පෙර වයින් පවා ඩොලර් 36 ක් වැනි සුළු මුදලකට ඒ සියල්ලම ලබා ගත හැකියි. ස්පා වැනි ඇතැම් විශේෂිත ස්ථාන වෙත ප්‍රවේශ වීම සඳහා ද එය වලංගුයි.
මෙම අඩු වියදම් සේවාව ලැබෙන්නේ Priority Pass විවේකාගාර වැඩසටහන මඟින් ලැබෙන එහි ‘secret’ VIP කාඩ්පත හරහායි.

Priority Pass යනු ලොව පුරා විවේකාගාර 1700 කට අධික සංඛ්‍යාවකට සංචාරකයින්ට ප්‍රවේශය ලබා දෙන ගෝලීය ගුවන්තොටුපළ විවේකාගාර සාමාජිකත්ව වැඩසටහනක්.
සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ The House වැනි විවේකාගාරයන්ට මෙන්ම සමහර දේශීය පර්යන්තවල පිහිටා ඇති ආපනශාලා මෙන්ම Rex විවේකාගාර වල මෙම සේවාව ක්‍රියාත්මකයි.

ඕස්ට්‍රේලියාවෙන් පිටතට ගමන් කරන්නේ නම් බොහෝ ජාත්‍යන්තර පර්යන්තවල පිහිටා ඇති විවේකාගාර වලද මෙම පහසුකම් ලබා ගැනීම කළ හැකියි.