Search

Max Purcell ට මාස 18ක ක්‍රීඩා තහනමක් 

ඕස්ට්‍රේලියානු ටෙනිස් තරුවක් වන Max Purcell තහනම් උත්තේජක භාවිත කිරීම නිසා මාස 18 ක ක්‍රීඩා තහනමක් පනවා තිබෙනවා.

අඟහරුවාදා ජාත්‍යන්තර ටෙනිස් අඛණ්ඩතා ඒජන්සිය (ITIA) විසින් මෙම තහනම තහවුරු කර  තිබෙනවා.

Grand Slam ද්විත්ව ශූරයෙකු වූ 27 හැවිරිදි ඔහු 2023 දෙසැම්බර් මාසයේ දී තහනම් උත්තේජක  එන්නත් ලබා ගෙන තිබෙන බව පරීක්ෂණ වලදී හෙළි වුණා.

මේ නිසා 2024 ඕස්ට්‍රේලියානු විවෘත තරඟාවලිය ඇතුළුව ඔහු දිනා ගත් ඩොලර් 200,000 කට වඩා වැඩි ත්‍යාග මුදල් ආපසු  ගෙවීමටත් සිදු වෙනවා.

Purcell ට පැනවූ තහනම  2026 ජුනි 11 වන දින අවසන් වන අතර ඔහු සමාජ මාධ්‍ය වෙත පළ කරන ලද සටහනක දක්වා තිබුණේ,  මෙම තීන්දුව තමන්ගේ ජීවන තත්ත්වයට බරපතල ලෙස බලපාන නමුත් තහනම අවසන් වූ පසු නැවත පැමිණෙන බවයි.

ITIA ප්‍රධාන විධායක නිලධාරී කැරන් මූර්හවුස් පවසන්නේ සැමට සමාන ක්‍රීඩා පිටියක් සහතික කිරීම තමන්ගේ  ප්‍රමුඛ අරමුණක් බවයි.

 

 

 

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »