
IPL තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර ඊයේ (28) පැවැති තරගය කඩුලු 08කින් ජයගැනීමය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා .
එහිදී අගනා පිතිහරඹයක නිතරවූ 14 හැවිරිදි වෙයිභව් සූර්යවංශි පන්දු 38කට මුහුණදෙමින් ලකුණු 101ක් රැස්කළා .
එම ශතකය IPL ක්‍රිකට් පිටියේ ලාබාලතම ක්‍රීඩකයෙක් රැස් ශතක ලෙස වාර්තා පොත් අතරට එක් වුණා .

මෙම ශතකය IPL තරගාවලියේ දෙවන වේගවත්ම ශතකය ලෙසයි දැක්වෙන්නේ.
ඊයේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ආරාධනා කළා .

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 209ක් රැස් කිරීමට සමත්වුණා .
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් නායක ශුබ්මන් ගිල් ලකුණු 84ක් රැස්කළ අතර ජොස් බට්ලර් නොදැවී ලකුණු 50ක් රැස්කළා .
පන්දු යැවීමේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 02ක් දවාගත්තා .
ලකුණු 210ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 05ක් අවසානයේ කඩුලු 2ක් දැවි ලකුණු 212ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළා .
යශස්වි ජයිස්වාල් නොදැවී ලකුණු 70ක් රැස්කළා .