Search

කණ්ඩායමේ කල්ලි බෑ/ Fitness නැත්නම් කණ්ඩායමට ගන්නේ නෑ – තේරීම් කමිටු සභාපතිගෙන් දැඩි තීරණයක්

මින් ඉදිරියට තරග සංචාර සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී ශාරීරික යෝග්‍යතාව දැඩිව සලකාබලන බවත් කණ්ඩායම තුළ එකමුතුකම පවත්වා ගැනීම ගැන අවධානය යොමුකරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා  පවසයි.‍

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“ඇත්තටම මම කිසිම කණ්ඩායමක ශාරීරික යෝග්‍යතාව පරීක්ෂා නොකර තෝරාගෙන නෑ. හැම ක්‍රීඩකයෙකුම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය කරලා තියෙනවා. පහුගිය කාලේ දකින්න ඇති අබාධ සහිත ක්‍රීඩකයෝ සංචාරවලට එකතු වුණා. අර මැච් එකේදි ෆිට් වෙයි. මේ මැච් එකේදි ෆිට් වෙයි කියලා. මම ඒක නවත්වලා තියෙන්නේ. මට ඒක කරන්න බැරිනම් මම අයින් වෙලා යනවා. කුසල් ගත්තේ 2023ට කණ්ඩායමක් හදන්න. මම බලාගෙන ඉන්නේ. කණ්ඩායමේ කල්ලි හදන්න බෑ. ජනතාවගෙන් එක දෙයක් ඉල්ලන්න ඕනේ. ඉක්මන් ජයග්‍රහණ බලාපොරොත්තු වෙන්න එපා. ඉදිරියට හොඳ කණ්ඩායමක් හැදෙයි.”

එළැ‍ඹෙන බංග්ලාදේශ සංචාරයේ ශ්‍රී ලංකා පිලේ නායකත්වයට පත්කළ කුසල් ජනිත් පෙරේරා මාධ්‍ය හමුවකට එක්වෙමින් තම ඉදිරි සැලසුම් පිළිබඳ කරුණු අනාවරණ කළේය.

එහිදී ඔහු පැවසුවේ ස්ථාවර සංයුතියක් සහිත ශ්‍රී ලංකා කණ්ඩායමක් සමඟ තරග ජයග්‍රහණය කිරීමට “Fearless cricket” ක්‍රීඩා කිරීමේ සංස්කෘතියක් නිර්මාණය කිරීම සිය අරමුණ බවය.

ශ්‍රී ලංකා කණ්ඩායම මැයි 16 වනදා බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතය.

ප්‍රශ්නය – කුසල් පෞද්ගලිකව හිතනවාද සමස්තයක් විදියට මුළු ටීම් එකේම සහයෝගය මේ සංචාරයේදී තමන්ට ලැබෙයි කියලා?

කුසල් – අපි සෙල්ලම් කරන්නේ සහයෝගයෙන් හැම ටීම් එකකම පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා අපි පුහුණුවීම් කරන විදිහට කිසිම ප්‍රශ්නයක් නැහැ දිමුත්ට වගේම හැමෝම මටත් උදව් කරයි කියලා හිතනවා

ප්‍රශ්නය – ඔබ කිව්වා මේ තරගාවලියේදී ඔයා තමයි කඩුලු රකින්නේ කියලා. කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ලත් ඉන්නවා කඩුලු රකින්න. එයාගේ වගකීම මොකද්ද මේ තරගාවලියේදී?

කුසල් – ආරම්භක පිතිකරුවන් ලෙස ධනුෂ්ක මමත් ඉන්නවා. 2023 වෙනකන් සැලසුමක් තියෙන්න ඕන. ක්‍රීඩකයෝ මාරු කළොත් ටීම් එකක් හැදෙන්නේ නැහැ. දික්වැල්ලත් ඉන්නවා ලිස්ට් එකේ. එයත් පුහුණුවීම් කරගෙන යනවා. මම කඩුළු රකින්නේ. ටීම් එක සමබර කරන්නේ කොහොමද බලන්න. ටීම් එකේ තුන්ඉරියව් ක්‍රීඩකයෝම ගස්සන්න බැහැ. පිතිකරුවෝ සහ පන්දු යවන්නන් ගස්සන් ඕන. සෑමවිටම කණ්ඩායම සමබර කරන්න ඕන. ඒ මත මම ආරම්භ කරනවාද? නැද්ද බලනවා.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »