
ත්‍රිත්ව ඝාතන චෝදනාවක් එල්ල වී සිටින Erin Patterson ගේ නඩුව විභාගය සඳහා වන ජුරී සභාව මේ වන විට පත් කර ගෙන තිබෙනවා.
අඟහරුවාදා, වික්ටෝරියා Morwell නගරයේ පැය දෙකකට වැඩි කාලයක් පැවති ක්‍රියාවලියකින් පසුව අහඹු ඡන්ද විමසීමක් හරහා Gippsland කලාපයේ පදිංචිකරුවන් 120 දෙනෙකුගෙන් පමණ සමන්විත මෙම ජූරි සභාවක් තෝරා ගෙන තිබෙනවා.
2023 ජූලි 29 වන දින Patterson සිය නිවසේ දී ලබා දුන් මාරාන්තික හරක් මස් දිවා ආහාරයක් මඟින් ඇගේ හිටපු මාමණ්ඩිය සහ තවත් දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇය චෝදනා ලැබ සිටීයා .

Korumburra Baptist පල්ලියේ දේවගැතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ද ඇයට චෝදනා එල්ල වී තිබෙනවා.
කෙසේ නමුත් Patterson වරද පිළිගෙන නොමැති අතර ඇගේ නිර්දෝෂීභාවය ප්‍රකාශ කර සිටිනවා.

අඟහරුවාදා දහවල් නඩු විභාගය සඳහා විනිසුරු ක්‍රිස්ටෝපර් බීල්ගෙන් පැමිණිල්ලේ සහ විත්ති පාර්ශ්වයේ ආරම්භක දේශනවලට පෙර උපදෙස් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.