Search

ආරම්භක දිනයේ ඉහළ ම බොක්ස් ඔෆිස් ආදායම ලැබූ සිංහල චිත්‍රපටය

වාලම්පූරි හෙවත් හීන හතහමාරක් චිත්‍රපටය ඉතා උත්කර්ශවත් අයුරින් අප්‍රේල් 25දා සිට ලංකාවේ, ඕස්ට්‍රේලියාවේ සහ ලොව රටවල් 15ක ප්‍රදර්ශනය ඇරඹෙනවා.

චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට නිකුත් කිරීමට පෙර අන්තර්ජාලය හරහා පෙර-ගෙවුම් (pre booking) වැඩිම ප්‍රමාණයක් සිදුකල සිංහල චිත්‍රපටය ලෙස එය වාර්තාවක්ද තබමින්  ප්‍රේක්ශකයන්ගෙන් පිරී ඉතිරී ගිය (house full) සිනමාශාලාවල ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ.

අතිශය ජනප්‍රිය කූඹියෝ ටෙලිනාට්‍යයෙන් පසුව එහි අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න සහ නිශ්පාදක අසංක දොඩන්තැන්න සංයෝගයෙන් එන මීලඟ නිර්මාණයක් පිළිබඳ වූ නොනිත් ප්‍රේක්ශක උනන්දුව හේතුවෙන්ම වාලම්පූරි චිත්‍රපටය පලමු දිනයේම ආදායම් වාර්තාවක් තමා තිබුනා.

මෙතෙක් සිංහල චිත්‍රපටයක් ආරම්භක දිනයේ වාර්තාකල ඉහලම බොක්ස් ඔෆීස් ආදායම ලෙස රුපියල් මිලියන 4.5ක් වාලම්පූරි චිත්‍රපටය පලමු දිනයේ වාර්තා කරනවා.

චිත්‍රපටයේ ආරම්භක සති අන්තය (පලමු දින 3) නිමා කරමින් සඳුදා දිනයේ තවත් ආදායම් වාර්තාවකට හිමිකම් කියන්නට ඔවුන් සමත් වන්නෙ ආරම්භක සති අන්තයේ ආදායම මිලියන විස්සක් ලෙස සටහන් කරමිනුයි.

එය මේ වර්ෂයේ නිකුත් වූ අනෙක් ජනප්‍රියම සිනමාපට දෙක වූ රාණි සහ නෙළුම් කුලුන චිත්‍රපටවල පලමු සති අන්තයේ ආදායමට සාපේක්ෂව විශාල වර්ධනයක්.

රාණි සහ නෙළුම් කුලුන චිත්‍රපට දෙකම පලමු සති අන්තය (පලමු දින තුන) පසුකරන විට වාර්තා කරන්නේ මිලියන 10 බැගින් වූ ආදායමක්.

තවමත් වාලම්පූරි පලමු සතිය ප්‍රදර්ශනය කරමින් ඉන්නෙ, ඒ නිසා ප්‍රේක්ශක ඔබට කුතුහලය ඉතිරි කරමින් අපි චිත්‍රපට චිචාරයක් මෙහි නොලියන්න වගබලා ගන්නවා.

වාලම්පූරියක් තමුන්ගේ ජීවිතේ ගොඩදායි කියන බලාපොරොත්තුවෙන් දුවන මිනිස් සමූහයක් වටා ඉතාම රසවත් කතාවක් සහිතව දිවෙන මේ චිත්‍රපටය මේ වසරේ ඔබ නැරඹිය යුතුම චිත්‍රපට වලින් එකක්.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »