වර්ග 02 ක එන්නත් මාත්‍රා මිශ්‍ර කර භාවිත කල හැකිද ? නවතම අධ්‍යයනයේ ප්‍රථිඵල මෙන්න

කොවිඩ් මර්දනයට නිපදවා ඇති එන්නත් වර්ග දෙකක මාත්‍රා මිශ්‍ර කර භාවිතයට ගැනීම සම්බන්ධයෙන් බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සිදුකල අධ්‍යයනයක ප්‍රථිඵල ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ අතුරු ආබාධ ඇතිවීමේ සම්භාවිතාව ඉහළ වුවද එය ආරක්ෂාකාරී මට්ටමක පවතින බවයි.

වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයන් 830 දෙනෙකු යොදාගනිමින් මෙම අධ්‍යයනය සිදුකර තිබුණා.

එහිදී හෙළිවී ඇත්තේ පළමුවෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාව ගෙන දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ගත් පුද්ගලයන්ට අතුරු ආබාධ ඇතිවීමේ සම්භාවිතාව සියයට 34 ක් ලෙස පවතින බවයි.

එහෙත් මාත්‍රා 02 ම ඇස්ට්‍රා-සෙනෙකා එන්නතින් ගත් පුද්ගලයන්ට අතුරු ආබාධ ඇතිවිමේ සම්භාවිතාව සියයට 10 ක් ලෙසයි මෙහිදී තහවුරු වී ඇත්තේ.

උණ – හිසරදය – මසුපිඩු වේදනාව වැනි ලක්ෂණ අතුරු ආබාධ ලෙස එමගින් දක්වා තිබෙනවා.

දැනටමත් ඇස්ට්‍රා-සෙනෙකා දෙවන මාත්‍රාව ගැනීමේ අසීරුතා එල්ලවී ඇති රටවලට මෙම අධ්‍යයනයේ ප්‍රථිඵල යොදාගෙන ඉදිරි තීන්දු ගත හැකි බවද ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥයන් සඳහන් කර තිබෙනවා.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »