
සීඝ්‍රයෙන් සරම්ප රෝගය ව්‍යාප්ත වන බැවින් අවධානයෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශ වික්ටෝරියානුවන්ට දැනුම් දෙනවා.
මේ වසරේ මේ දක්වා වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති සරම්ප රෝගීන් සංඛ්‍යාව 23 ක් වන අතර ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් දේශීයව සම්ප්‍රේෂණය වී ඇති බවයි වාර්තා වන්නේ.
අධික ලෙස බෝවන මෙම වෛරස් රෝගයේ රෝග ලක්ෂණ වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව හා උණ, වේදනාකාරී රතු පැහැති කුඩා බිබිලි යි.

ඇතැම් අවස්ථාවලදී සරම්ප නිව්මෝනියාව සහ මොළයේ දැවිල්ල ඇතුලු බපරතල සංකූලතා ඇති කරන බවයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ.
වික්ටෝරියාවෙන් වාර්තා වූ පළමු රෝගීන් 20 දෙනාගෙන් 9 දෙනෙකු බරපතල තත්වයෙන් රෝහල්ගතව සිටි බවද මහජන සෞඛ්‍ය නිළධාරීන් කියාසිටියා.

එන්නත්කරණය පහත වැටීමෙන් ඔස්ට්‍රේලියාව තුළ සරම්ප රෝගය බරපතල තත්ත්වයක් වන ඇති බව ඔවුන් පෙන්වාදෙනවා.
මේ අතර පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇත්තේ ළමුන්ගෙන් සියයට 91 කටත් වඩා අඩුවෙන් බවයි සෞඛ්‍ය දත්ත වාර්තාවල දැක්වෙන්නේ.
2021 වසරේ සරම්ප රෝගය තුරන් කළද මෙම වසර, පසුගිය වසරේ වාර්තා වූ මුළු රෝගීන් 16 ඉක්මවා ගොස් තිබෙනවා.