Search

නව පාප් වහන්සේ තේරීමේ දිනය නියම වෙයි

නව පාප් වහන්සේ තෝරා පත්කර ගැනීම සඳහා රෝමානු කතෝලික කාදිනල් හිමිපාණන් මැයි 7 වනදා සිට රහසිගත සමුළුවකදී රැස්වීමට නියමිත  බව වතිකානුව පවසනවා.

 මීට පෙර 2005 සහ 2013 වසරවලදී එම සම්මන්ත්‍රණ පැවැත්වුවේ දින දෙකක් පමණයි.

 නමුත් ස්වීඩන් කාදිනල් ඇන්ඩර්ස් ආබොරෙලියස් අද පැවසුවේ ෆ්‍රැන්සිස් පාප් විසින් පත් කරන ලද බොහෝ කාදිනල්වරුන් කිසි විටෙකත් එකිනෙකා හමු වී නොමැති බැවින් එළඹෙන සම්මේලනයට වැඩි කාලයක් ගත විය හැකි බවයි.

මියන්මාරය, හයිටිය සහ රුවන්ඩාව වැනි කිසිදා නොතිබූ ස්ථානවලින් කාදිනල්වරුන් පත් කිරීමට පාප් වහන්සේ ප්‍රමුඛතාවයක් ලබා දුන්නා.
පසුගිය සෙනසුරාදා ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආදහන පූජෝත්සවයෙන් පසු වතිකානුවේ පැවති කාදිනල් හිමිපාණන්ගේ සංවෘත රැස්වීමකදී මෙම දිනය තීරණය කළා.  

වයස අවුරුදු 80 ට අඩු සහ ලොව පුරා සිටින කාදිනල්වරුන් 135 දෙනෙකු මෙම සමුළුවට සහභාගි වීමට නියමිතයි.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »