
ඔස්ට්‍රේලියානුවන් එක්සත් ජනපද සංචාරයන් අවලංගු කරමින් පවතින බව මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ අනුව එක්සත් ජනපද සංචාරයන්ට වෙන්කර ටිකට්පත් අවලංගු කළ බවයි ඇතැම් ඔස්ට්‍රේලියානුවන් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කර ඇත්තේ.
ඇතැම් ජාත්‍යන්තර දේශ සීමා සඳහා ට්‍රම්ප් පැනවූ නීතිරීති හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් බියට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පසුගියදා ජර්මානුවන් දෙදෙනෙකු ඇමරිකා ගුවන් තොටුපලකදී නිරුවත් කර පරීක්ෂාවට ලක්කර එක් රැයක් අත්අඩංගුවට පත්ව යළි යුරෝපයට පිටත්කර තිබෙනවා.
මෙසේ ඇමරිකා සංචාරකයින් අත්අඩංගුවට පත්වීම Ticktock හිද ප්‍රචලිත වී ඇති බවයි වාර්තා වන්නේ.

2024 මාර්තු මාසයට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේදී ඇමරිකාවේ ඕස්ට්‍රේලියානු සංචාරකයින්ගේ සංඛ්‍යාව සියයට 7 කින් පහත වැටී ඇති බව එක්සත් ජනපද ජාත්‍යන්තර වෙළඳ පරිපාලන දත්ත පෙන්වා දෙනවා.
එය 2021 සිට කොවිඩ් වසංගතය අතරතුර තියුණුම පහත වැටීමක් ලෙසයි වාර්තාවන්නේ.