Search

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ගාස්තු ඉහළට​?

ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ගාස්තු ඉහළ නැංවීමට​ ඉදිරියේදී කටයුතු කරන බවට​ කම්කරු පක්ෂය විසින් නිවේදනය කලා. තම මැතිවරණ පොරොන්දු කිහිපයක්  ඉටු කිරීම සඳහා එමගින් අරමුදල් සපයන බව සඳහන්.

මෙවර ෆෙඩරල් මැතිවරණයෙන් නැවත​ කම්කරු පක්ෂය තේරී පත් වුවහොත් ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ගාස්තුව ඩොලර් 1,600 සිට ඩොලර් 2,000 දක්වා ඉහළ යනු ඇති.

විරුද්ධවාදී ලිබරල් පක්‍ෂය විශ්ව විද්‍යාල සඳහා ශිෂ්‍ය වීසා අයදුම්පත් ගාස්තුව ඩොලර් 5,000 දක්වාත් සහ අනෙකුත් සියලුම ජාත්‍යන්තර සිසුන් සඳහා ශිෂ්‍ය වීසා අයදුම්පත් ගාස්තු ඩොලර් 2,500 දක්වා ඉහළ නංවන බව පසුගිය දා සඳහන් කලා.

ප්‍රධාන පක්ෂ ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර පුරාවට කරන ලද පොරොන්දු ඉෂ්ට කිරීම​ සඳහා අරමුදල් සොයා ගැනීම සැලසුම් කරන ආකාරය මෙමගින් පෙනී යනවා.

ආර්ථික හා මූල්‍ය ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී, භාණ්ඩාගාරික ජිම් චාමර්ස් සහ මුදල් අමාත්‍ය කේටි ගැලගර් විසින් මෙම ශිෂ්‍ය වීසා ගාස්තු ඉහල දැමීමට​ තීරණය කල ඇති අතර එමගින් ඉදිරි අයවැයට ඩොලර් බිලියන 1 ක ඉතිරියක් කිරීමට හැකි බව පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව​ ශිෂ්‍ය වීසා ගාස්තු 2025 ජූලි 1 වන දින සිට ඩොලර් 2,000 දක්වා වැඩි කිරීමට නියමිතයි.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »