
ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවයේ නිහඬ විප්ලවයක ආරම්භයක් සනිටුහන් කිරීමට, Melbourne තදාසන්න ප්‍රදේශයක් වන Kew පිහිටි Adeney පෞද්ගලික රෝහල සමත්ව තිබෙනවා.
පෞද්ගලිකව රක්ෂණාවරණයක් තිබේ නම් මෙම රෝහල වෙත යන ඕනෑම කෙනෙකුට අමතර වියදම් දරන්න සිදු වෙන්නේ නැහැ.
රජයේ රෝහලක මෙන් ව්‍යාධි විද්‍යාව, විකිරණවේදය, නිර්වින්දනය සහ ඖෂධ නොමිලේ ලැබෙනවා.

තවද නේවාසික ප්‍රතිකාර ගැනීම් රක්ෂණයෙන් ආවරණය වෙනවා.
Adeney පෞද්ගලික රෝහලෙහි කොටස් වලින් සියයට 51 ක් වෛද්‍යවරුන් 42 දෙනෙකුට සහ සියයට 49 ක් සෞඛ්‍ය රක්ෂණ සමාගමක් වන Medibank සතු වෙනවා.

විශ්‍රාමික සනාල ශල්‍ය වෛද්‍යවරයෙකු සහ රාජකීය ශල්‍ය වෛද්‍ය විද්‍යාලයේ හිටපු සභාපති මහාචාර්ය Michael Grigg, මෙම රෝහල ආරම්භ කිරීම සඳහා මුලික වී තිබෙනවා.
සෞඛ්‍ය සඳහා වන අධික වියදම් සම්බන්ධයෙන් යමක් කළ යුතු බවත් එසේ නොවුවහොත් පෞද්ගලික සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටී රටේ සමස්ත සෞඛ්‍ය පද්ධතියම බිඳ වැටෙනු ඇති බව ඔහු පෙන්වා දී තිබේ.
මේ අතර අනෙකුත් කොටස් හිමිකාරී රෝහල් සමඟ මෙම ආකෘතියේ රෝහල් වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව Medibank සමාගම පවසනවා.