
දින ගණනක් ඇද හැලුණු අධික වර්ෂාවෙන් හේතුවෙන් New South Wales ප්‍රදේශයට ඇති වූ ගංවතුර අනතුරු හැඟවීම් තවමත් පහව ගොස් නැහැ.
සඳුදා උදෑසන 9 දක්වා පැය 24 තුළ Mandalong කුඩා නගරයට මිලිමීටර් 154 ක දැවැන්ත වර්ෂාපතනයක් ඇද හැලුණු අතර, Lake Macquarie වලට මිලිමීටර් 135 ක් සහ Windale වලට මිලිමීටර් 139 ක් වර්ෂාපතනයක් ලැබී තිබුණා.
එම කාලය තුළම Newcastle හි මිලිමීටර් 102 ක් වාර්තා වුණා.

Turners Flat හි මිලිමීටර් 154 ක් සහ Bowraville හි මිලිමීටර් 99 ක් ලෙස ඉරිදා උදෑසන දක්වා පැය 24 කාලය තුළ විශාල වර්ෂාපතනයක් ද වාර්තා වුණා.
කෙසේ නමුත් මේ වන විට New South Wales හී පැවැති වායුගෝලයේ අඩු පීඩන තත්වය වෙරළ තීරයෙන් තවත් ඈතට ගමන් කරමින් තිබෙනවා.

එබැවින් ප්‍රාන්තය පුරා හමා ගිය දරුණු කාලගුණ තත්වය මෙම සතියේ ක්‍රමයෙන් පහව යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
Sydney ප්‍රදේශවලට ද වර්ෂාවෙන් බලපෑම් එල්ල වූ අතර, ඉරිදා උදෑසන වන විට Randwick හි වැසි මිලිමීටර් 54ක් වාර්තා වූ නමුත් ඉරිදා දිනයෙන් පසුව තත්ත්වය යහපත් වුණා.