Search

ඕස්ට්‍රේලියානු වනාන්තරයක දින 500ක් අතුරුදන්ව සිටි සුරතල් බල්ලෙකු සොයා ගැනේ.

ඕස්ට්‍රේලියානු වනාන්තරයක දිගු කාලයක් අතරමංව සිටි බල්ලෙකු සොයාගෙන තිබෙනවා. දින 529 කට පසු බල්ලා සොයාගෙන ඇත්තේ හිමිකරුගේ ටී-ෂර්ට් එක භාවිතා කරමින් වීම විශේෂත්වයකි.

වැලරි නම් මෙම සුනඛයා පසුගිය වසරේ දිනක ඇගේ හිමිකාරිය විසින් කදවුරු සංචාරක් සදහා රැගෙන ගොස් තිබිණ. පසුව වැලරි අතුරුදන්ව ඇති අතර ඇය සොයා මෙහෙයුම් රාශියක් ක්‍රියාත්මක කළේය.

පැය දහසකට වැඩි කාලයක් කිලෝමීටර 5,000 ක් පුරා සොයා ගැනීමේ මෙ‌හෙයුම් සිදුකළ අතර අවසානයේ ඕස්ට්‍රේලියානු වනාන්තරයක වැලරි සිටින බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව හිමිකාරියගේ කමිසයක් උගුලක් ලෙස යොදා ගනිමින් වැලරි ගෙන්වා ගැනීමට හැකිවී තිබේ.

“‍‍වැලරි ඉතා හොඳින් ඉන්නවා. සුරතලෙකු අහිමි වූ ඕනෑම කෙනෙකුට, දැනුනු හැඟීම් දුක් සහගත වන අතර කිසි විටෙකත් බලාපොරොත්තු අත් නොහරින්න. ” අවසානයේ හිමිකාරිය පවසා තිබේ.

 

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »